ලංකාව යුක්‍රේනයක් වෙන්න නොදී බේරගත්තේ බැසිල්⁣ගේ නායකත්වයයි..!

March 21, 2022 at 11:16 am | by emanisa.lk

නායකත්වය, උපායශීලිත්වය හා නිර්මාණශීලිත්වය තිබේ නම් ලෝකයේ ඕනෑම දුෂ්කර අවස්ථාවක් කළමනාකරණය කරගත හැකියි.

ලෝකයේ කිසිම රටක් අනෙත් රටවලට ණය නොදෙන අවස්ථාවක අපි ඩොලර් බිලියන 2ක් ඉන්දියාවෙන් ගන්නෙ ඉහත නායකත්ව ලක්ෂණ නිසා.

ලංකාව ඒක පාර්ශවිකව නැගෙනහිර ජැටි ආයෝජනය අවලංගු කිරීම හා චීන ලංකා සබඳතා නිසා පසුගිය කාලයේ ඉන්දියාව සිටියේ ලංකාව සමග දැඩි නොමනාපයකින්. එක්සත් ජාතීන්⁣⁣ගේ මානව හිමිකම් සැසිය තුළ ඔවුන් ලංකාවට ලබාදුන් සහාය පවා අතහැර දැමුවා.

එක්තරා ප්‍රබල රටක් නැ⁣ගෙනහිර ජැටි විරෝධය සඳහා යහමින් මුදල් වියදම් කළ බවත් ඉන්දියාව දැන සිටියා. ඒ සියල්ල නිසා ලංකාව ආසියාවේ යුක්‍රේනය විය හැකිව තිබුණා.

එවන් අභියෝගකාරි අවස්ථාවක තමා බැසිල් රාජපක්ෂ මහතා නැවත වරක් ඉන්දියාව හිතවත් කර ගන්නෙ.

2009 යුද්ධය අවස්ථාවේ ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උත්සාහ කරන විටත්, තමිල්නාඩුව මානුෂීය මෙහෙයුම නවතන ලෙස ඉන්දියානු මධ්‍යම රජයට දැඩි බලපෑම් කරන විටත් බැසිල් රාජපක්ෂට හැකි වුනා, අපේ අභිලාෂ වෙනුවෙන් ඉන්දියාව නම්මවා ගන්න. උපායශීලි නායකත්වය කියන්නෙ වෙනම දෙයක්. ඒක පොත්වල නැහැ.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස