මුහුණ දී ඇති අර්බුදයෙන් රට ගලවා ගැනීමට දේශපාලනඥයන්ට වැඩපිළිවෙළක් තිබෙන බවට ජනතාව තුළ කිසිදු විස්වාසයක් නැතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා වත්මන් ආණ්ඩුව අලුත් ගමනක් යනු ඇතැයි ජනතාව තබාගෙන තිබූ බලාපොරොත්තු දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ආණ්ඩුවේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් ඉතිහාසයේ කිසිදු කලෙක රට සම්බන්ධයෙන් එවැනි අනතුරක් නොතිබූ බවත් ඔහු සඳහන් කරයි.
අවම වශයෙන් දෙවැනි ලෝක යුද සමයේදී හෝ රට මෙවැනි බරපතල කඩාවැටීමකට ලක්ව තිබූ බවට වාර්තා නොවන බවයි, රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ.