එක්තරා කාලයක එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිටට ගොස් ඇමැතිවරුන් උපවාස කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ, ඒ අවස්ථාවේ රටේ නායකයා ගොස් උපවාස කළ ඇමැතිවරයාට තැඹිලි පෙවූ බවයි.
මානව හිමිකම් කොමිසමේ නවනීදන් පිල්ලේ රටට පැමිණි අවස්ථාවේ ඇමැතිවරයෙකු ඈ කසාද බැඳගන්න තිබුණේ නම් හොඳ යැයි කී බවත් ඔහු සිහිපත් කරයි.
මේ නිසා ජාත්‍යන්තර සම්පූර්ණයෙන් අපේ රට හුදකලා කළ බවත් තමා ජනාධිපති වී නැවත ජාත්‍යන්තරය දිනාගත් බවත් මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් සඳහන් කරයි.
2019 තමා නැවත භාරදුන්නේ ආහාරවලින් ස්වයංපෝෂිත රටක් බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන, මේ අවස්ථාවේ ජාතික ආණ්ඩු ගොඩනැඟීමට කිසිවෙකුට ඉඩ නොතබව බවත් අවධාරණය කළේ ය.
අද (13) බුත්තල පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.