ජනාධිපති රූකඩයක්…! රූකඩේ නටවන කොරා බැසිල්…! මහින්ද ගුණ නුගුණ නැති පතෝල වගේ..!

March 13, 2022 at 5:32 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට තවදුරටත් රට කර වීමේ හැකියාවක් නැති අතර දැන් ජනතාව විසින් අලුත් බලවේගයක් ඇතිකර ගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ඡන්දය දුන් 69 ලක්ෂයට පමණක් නොව ජාත්‍යන්තරයට පවා දුන් පොරොන්දු සියල්ල ආණ්ඩුව විසින් කඩ කර තිබෙන අතර ඉටු කරන ලද එක පොරොන්දුවක් හෝ ඇත්නම් ඒ ගැන පවසන ලෙසයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ වන විට ජනාධිපතිවරයා රූකඩයක් බවත් එම රූකඩය නටවන කොරා බැසිල් රාජපක්ෂ බවත් මහින්ද රාජපක්ෂ දැන් පතෝල ගානට වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර එදා තමන්ද 20 වෙනි සංශෝධනයට අත එසවීම ගැන කම්පා වී සිටින අතර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තැබීමේ පාප කර්මය දැන් ගෙවමින් සිටින බව ද විජේදාස රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස