ආණ්ඩුව ජනතා අපෙක්ෂා විනාශ කළා..! මහින්ද නිෂ්ක්‍රීයයි…! තීන්දු ගන්නේ ගෝඨා බැසිල්…! අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා..! – වාසු…

November 4, 2021 at 4:49 pm | by emanisa.lk

ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව පවසන වාසුදේව නානායක්කාර තව දුරටත් සඳහන් කරන්නේ මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන් ම බැසයෑමට සිදු වනු ඇති බවය.

ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරන අතර තමන් ප්‍රමුඛ අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක වන හෙයින් එය ආණ්ඩුවේ වැඩපිළිවෙළට නොගැළපෙන බව ද ඇමැති නානායක්කාර අවධාරණය කරයි.

ආණ්ඩුව සමඟ සිටින සහෝදර පක්ෂ ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක බව ස ඔහු පවසයි.
ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිටිය ද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව වාසුදේව නානායක්කාර කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *