බොරදියේ මාළු බාන්න සූදානම් වෙන්න එපා..! සජබෙ හෝ ජවිපෙ සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නෑ…! පක්ෂ 11ම දිගට ම ආණ්ඩුවේ…! – වාසු

March 7, 2022 at 8:46 am | by emanisa.lk

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට්‍ රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එසේ අමාත්‍ය ධූරය අත්හැරීම තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමත නොකළ බවයි, හෙතෙම සඳහන් කළේ.

එසේ ම හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව රැස්වන විට තමන් අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ බව පැවසූ වාසුදේව, ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 ම එසේ ආණ්ඩු පක්ෂයෙහි අසුන් ගන්නා බවත් ප්‍රකාශ කළේය.

මේ අතර සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට ආරාධනාවක් ලැබුණොත් කුමක් කරන්නේදැයි විමසීමේදී ඔහු පැවසුවේ එවන් ආරාධනාවක් පිළිනොගන්නා අතර එවන් ආරාධනාවක් කිරීමට හේතුවක් ද නොමැති බවයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *