පක්ෂ නායක හමුව උණුසුම්….! විමල් වාසු උදය නැගිට යති….!

April 19, 2021 at 2:03 pm | by emanisa.lk

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.

අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොවන පිරිසක් ද කැඳවා ඇති බවය.

අගමැති මහින්ද රාජපක්‍ෂ ද තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගෙන ඇත.

මෙම ඇමතිවරුන් පිරිස් අගමැතිවරයා දැනුම්දී ඇත්තේ අනවශ්‍ය තත්ත්වයක් ඇතිකර අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර තමන් එම සාකච්ඡාවෙන් ඉවත් වන බවයි. කෙසේ වුවද ශ්‍රීලනිපය ඒ සඳහා සහභාගී වී ඇත.

ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස