ජනාධිපති හදිසියේ ම මිල්කො ආයතනයට..! කිරි නිෂ්පාදනය ගැන සොයා බලයි…!

February 25, 2022 at 3:15 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නාරාහේන්පිට මිල්කො කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහි දී ජනාධිපතිවරයා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කළ අතර අනතුරුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැවීමට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

ජනාධිපතිවරයා ඊයේ (24) රත්මලාන දුම්රිය ඉංජිනේරු ආයකනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *