මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ, සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ලසන්ත වික්‍රමසිංහ ලබන සඳුදා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.
යහපාලන ආණ්ඩුවේ අවසන් වසර තුනේ රු. මිලියන 2000ක් පාඩු ලැබූ මිල්කො සමාගම වසරකට රු. මිලියන 400 ඉක්මවා ලාභ ලබන තත්ත්වයට පත් කළේ ඔහු විසිනි.
කෙසේ වුව ද කිසිදු පෙර දැනුම් දීමක් නොමැතිව මිල්කො සභාපති ධූරයෙන් ඉවත් කළ ලසන්ත වික්‍රමසිංහ නව තනතුර භාරගන්නා බවක් මෙතෙක් සනාථ කර නොමැත.