ශ්‍රී ලංකාවේ තානාපති ධූරය භාරගැනීමට ලැබීම මට ඉමහත් ගෞරවයක්…! – ඇමරිකානු නව තානාපතිය….

February 19, 2022 at 1:12 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ තානාපති ධූරය භාර ගැනීමට ලැබීම තමන්ට ඉතා ම ගෞරවයක් බව ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඈ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ අතීත උරුමය, සංස්කෘතික විවිධත්වය සහ නූතන සංකීරණත්වය පිළිබඳ තව දුරටත් ඉගනීමට බලාපොරොත්තු වන බවයි.

සිය වස් දෙකක් පුරා ඇමරිකානු ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ ඇමරිකානු නවෝත්පාදන, ව්‍යවසායකත්ව චින්තනය සහ නන් දෙසින් සිය රටට පැමිණි සංක්‍රමණිකයින් බව පවසන තානාපතිවරිය, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය, ව්‍යාපාරික ප්‍රජාව සහ තරුණ පරපුර සමග සබඳතා ගොඩනැඟීමේ දී ඒ ගුණාංග මත කටයුතු කරන බව ද අවධාරණය කළා ය.

ඉදිරියේ දී බොහෝ පාර්ශ්ව හමු වීමට සූදානම් බව ද ශ්‍රී ලංකාවට තමා පිළිගැනීම පිළිබඳ ස්තූතිවන්ත වන බව ද ජූලි චන්ග් සිය ට්විටර් සටහනේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස