හදිසි විදුලි මිල දී ගැනීම් මාෆියාව අනාථයි..! දිගට ම අඛණ්ඩව විදුලිය දෙන්න සැලසුම්…!

February 17, 2022 at 9:43 am | by emanisa.lk

අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයිය හැකි තත්ත්වයක් පවතින නිසා හදිසි විදුලිය මිල දී ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලි කප්පාදුවකට යා යුතු බවට විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ද මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගිය කාලයේ සිට ම අවසර ඉල්ලුවත් ඊට අවසර නොදීමෙන් රටට රුපියල් කෝටි 3100කට අධික ආර්ථිකමය වාසියක් අත්වී තිබෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කීය.

අඛණ්ඩව රටට විදුලිය ලබා දීමට යැයි කියමින් 2015 සිට 2020 දක්වා කාලයේ දී හදිසි මිල දී ගැනීම් යටතේ විදුලිය ගැනීමට විදුලිබල මණ්ඩලය දහසය වතාවක් සිය කොමිසමෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර නොදුන් නිසා රුපියල් කෝටි 57,100ක මුදලක් රටට ඉතිරි කර දීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *