විපක්ෂය එන්නත් තුනම ගහගෙන ගමට ගිහින් ජනතාවට එන්නත් ගන්න එපා කියනවා…!

February 11, 2022 at 6:50 pm | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල වශයෙන් පැමිණීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය පවසයි.

එම ප්‍රමාණය මේ වන විට කටුනායක ගුවන්තොටුපළට දරාගත නොහැකි නිසා මත්තල ගුවන්තොටුපළට ද ඇතැම් ගුවන් යානා හරවා යැවීමට සිදුව ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සාර්ථක එන්නත්කරණ ව්‍යාපාරය නිසා සංචාරය සඳහා ආරක්ෂිත රටක් ලෙස ලංකාව නම් කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි සුදර්ශන දෙණිපිටිය පෙන්වා දෙයි.

එලෙස නැවත පිබිදෙන සංචාරක කර්මාන්තය විනාශ කිරීම සඳහා එනන්ත් තුනම ගසා ගත් විපක්ෂය ගමට ගොස් ජනතාව අතර එන්නත් ගැන බොරු බියක් නිර්මාණය කරමින් එන්නත්කරණය අඩාල කරන බවට ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *