කරුණා අම්මාන් මාව මරන්න හදනවා..! රාජපක්ෂලා මගෙන් පළිගත්තා..! ඒ නිසා එංගලන්තයට පළා ගියා..! – හිටපු පොලිස් නිලධාරී අජිත් ධර්මපාල

February 7, 2022 at 9:41 am | by emanisa.lk

හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන කරුණා අම්මාන් විසින් තමන් ඝාතනය කිරීමේ උත්සාහයක් පැවතීම හේතුවෙන් තමා එංගලන්තයට පළා ආ බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල නම් හිටපු පොලිස් නිලධාරියා සඳහන් කරයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ මවගේ වාහන පේලියක් නතර කළේ යැයි තමන්ගෙන් පළි ගත් බව ද ඔහු කීය. එම රියැදුරාට වාහන බලපත්‍රයක් හෝ නොතිබූ බවද අජිත් ධර්මපාල පෙන්වා දුන්නේය.

එම සිද්ධිය නිසා තමන්ගෙන් පළි ගත් බවත් පැයක් ඇතුළත පොලිස් ස්ථාන 4කට මාරු කළ බවත් පසුව 2008 වසරේ දී නම පවුල පිටින්ම එංගලන්තයට පළා ගිය බවත් හෙතෙම කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස