පොහොර මිළ ඉහළ ගියේ කොවිඩ් නිසයි..! ළඟ දි ම බස්සනවා..!

February 3, 2022 at 10:31 pm | by emanisa.lk

පොහොර මිල ඉහළ යන්නේ කොවිඩ් වසංගතය සමග ලෝක වෙළඳපොළේ පොහොර මිල යාම නිසා බව කුඩා වැවිලිභෝග ආහ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර පවසයි.

‘විපක්ෂයට ඕන මොනව හරි පොඩි දෙයක් අල්ලාගෙන ඒක ජනගත කරන්න. රජයක් හැටියට වගකීමක් තියෙනවා ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න.

විපක්ෂය කියනවා අපි පොහොර තහනම් කරල කියලා. නැහැ අපි පොහොර තහනම් කරල නැහැ. ඕන කෙනෙකුට පොහොර රටින් ගෙන්වන්න පුළුවන් කමක් තියෙනව.

ජනතාවගේ ප්‍රශ්නය තියෙන්නේ පොහොර මිල වැඩියි කියන එක. පොහොර මිල අඩු කිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේදී කරන්න අපි කටයුතු කරනව.

ලෝක වෙළද පලේ පොහොර මිල මේ කොවිඩ් වසංගතයත් එක්ක වැඩි වුණා. ඉදිරි කාලයේදී මේක අඩුවෙයි. ගොවීන්ට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් ඉහළ පොහොර ඉදිරි කාලයේදී අපි ජනතාවට ලැබෙන්න සලස්සනවා.’

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය මොරකැටිය ම‍ාර්ගයේ කුලුබඩු මන්දීරය විවෘති කිරීමේ අවස්වථාට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස