මධ්‍යම අධිවේගය හැදුවේ අපි..! කිලෝමීටර 4ක් හදල ආණ්ඩුව ලකුණු දා ගන්නවා..! – කිරිඇල්ල…

January 16, 2022 at 1:28 pm | by emanisa.lk

මධ්‍යම අධිවෙිගී මාර්ගයේ  මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබුනැයි ද වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ හැදුවේ ඉතිරි කිලෝ මීටර් හතරක් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

වත්මන් ආණ්ඩුව අධිවේගී මාර්ගයේ  කිලෝමීටර් හතරක් පමණක් ඉදි කොට දැන් ලකුණු දාගන්නට හදන බවද හෙතෙම කීය.

දින 52 කුමන්ත්‍රණය  වන විටත් අදාල කිලෝමීටර් 41න් 37ක වැඩ අවසන් කර තිබූ බවද කිරිඇල්ල සඳහන් කළේය.

2015 වසරේ දී යහපාලන ආණ්ඩුව පත් වන විට අධිවේගී මාර්ගයේ බිම් අඟලකවත් මැනීම් කටයුතු සිදු කර නොතිබූ බව කී කිරිඇල්ල, යහපාලන ආණ්ඩුව පත්වූ පසු වන්දි ගෙවා ඉඩම්  අත්පත් කර ගැනීම සිදුකළ බව ද සඳහන් කළේය.

ඉන්පසුව 2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ  එහි වැඩ පටන් ගත් බව කී කිරිඇල්ල  මහතා දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුට එහි වැඩ බාර දුන් බව ද සඳහන් කළේය.

එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කිසිදු විදේශ ණයක් නොගත් බවත්  මහා භාණ්ඩාගාරයේ මුදලින් පමණක් එහි ඉදිකිරීම් කටයුතු කළ බවත් කිරිඇල්ල පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස