ඉන්ධන මිල ජනතාවට දැනෙන්න අරින්න ඕන..! නැත්නම් නිකරුණේ ගමන් බිමන් යනවා…! – SB…

December 25, 2021 at 9:49 am | by emanisa.lk

පෙට්ට්‍රල් ඩීසල් මිල ජනතාවට දැනෙන්න හැරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

එසේ නොකළහොත් ජනතාව පුරුදු විදිහට ඔහේ ගමන් බිමන් යනු ඇත ඇති බව ද ඔහු සඳහන් කළේය.

සියලු දේවල් ජනතාව පරිස්සමින් පාවිච්චි කරන්න ඉගෙන ගත යුතු බව ද ඔහු පැවසීය.

තමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ පසු මෝටර් රථයක් සහ මෝටර් බයිසිකලයක් ගත් බවත් මෝටර් රථයෙන් සියලු ගමන් යන්න තමන්ගේ වැටුප මදි නිසා වැඩිපුර ගමන් මෝටර් බයිසිකලයෙන් ගිය බව ද කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *