ඇමරිකාවේ එංගලන්තෙත් ඉන්ධන මිල ලංකාවට වඩා වැඩියි….! – අජිත් නිවාඩ් කබ්රාල්

June 12, 2021 at 5:04 pm | by emanisa.lk

ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගට ම පාඩු ලබන බවත් මුල් මාස 4හි පමණක් බිලියන 45ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

රජයේ ව්‍යවසායන් අනාගත පරම්පරාවට ප්‍රයෝජන ගත හැකි ආකාරයට වර්තමානයේ කළමනාකරණය කළ යුතු බව ද හෙතෙම පැවසීය.

අද වන විට ලොව රටවල් කිහිපයක් හැර අනෙක් සෑම රටකම ශ්‍රී ලංකාවට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව එංගලන්තය වැනි රටවල මෙන්ම බංග්ලාදේශය, භූතානය වැනි රටවලද අපට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඇමතිවරයා කියා සිටියේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් ද උපුටා දක්වමිනි.

ඛනිජ තෙල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *