ඉන්ධන මිල ඉහළ දමා පිරිපහදුව ක්‍රියාත්මක කරනු…! – ඛනිජ තෙල් වෘත්තීය සමිති…

November 19, 2021 at 8:12 am | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43 ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60 ක් මේ වන විට පාඩු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති (ඛනිජ තෙල් ශාඛාව) බන්දුල සමන් කුමාර පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලනය මොනයම් හෝ ක්‍රමයකට බහු ජාතික සමාගමක් අතට පත්වුවහොත් ඩීසල් ලීටරයක් 250ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 275ක් දක්වා ඉහළ යන බව කී බන්දුල සමන් කුමාර, ඉන්ධන මිල ඉහළ දමා හෝ පිරිපහදුව ක්‍රියාත්මක කරමින් පවත්වා ගෙන යා යුතු බව ද සඳහන් කළේය.

ඉන්දිය ඔයිල් සමාගම (අයි.ඕ.සී) පාඩු ලබන ඉන්ධනවලින් ඉවත්ව ලාභ ලබන ව්‍යාපාරයක් පමණක් කරන බවත් රාජ්‍ය ආයතනයක් හැටියට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජාතික අවශ්‍යතාව ඉටු කළ යුතු බවත් බන්දුල සමන් කුමාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *