යහපාලනාණ්ඩුව මගෙන් පළිගත්තා..! ඊළඟ ඡන්දෙට ජනතාවට ඉදිරියට එනවා…! – දුමින්ද..

December 19, 2021 at 12:23 pm | by emanisa.lk

ඊළඟ මැතිවරණයේ දී තමන් ජනතාව ඉදිරියට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පවසයි.

කවුරුන් කොහේ ගියත් තමන් පක්ෂය දමා නොයන බව ද බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ හැදුවේ බොහෝ වෙහෙස මහන්සියෙන් බව ද ඔහු සඳහන් කළේ ය.

නාරාහෙන්පිටදී පැවති උත්සවයකින් අනතුරු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

“අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුණා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ. ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ.

ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ළඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ.

මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න. අපි මේ රටේ තියන තත්ත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට ආයෙ දෙන්න බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *