වර්තමාන විදේශ මුදල් හිඟයට රටක් ලෙස ඉතා බැරෑරුම් ලෙස මුහුණ දීමට සිදුවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
දැනට විදේශගත ශ්‍රමිකයන් එවන විදේශ මුදල් ප්‍රමාණය ඉතාමත් අඩු වී ඇති බවත් එය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.
ලබන වසරේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් වෙනුවෙන් විදේශ මුදල් වැය කිරීමට කිසිම ආකාරයකින් හැකියාවක් නොලැබෙනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් පළමු කොටම කිරිපිටි ආනයනය නවතා දැමීමට කටයුතු කළ හැකි නම් එය විශාල උදව්වක් බව ද ඔහු සඳහන් කළේය.
කිසි ලෙසක මෙරට ජනතාවට සාගතය යන වචනයේ අහලකටවත් නොඑන්න වැඩ කටයුතු කරමින් සිටින බව ද මුදල් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පශූ සම්පත් මණ්ලයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.