ආයෝජකයෝ ඉන්න හිතෙන රට අතහැර පැන දුවති! සති දෙකට රු. බිලියන 25ක විදේශ විනිමය රැගෙන යයි!

September 3, 2019 at 3:02 pm | by emanisa.lk

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් රටින් පිටට ඇඳී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රුපියල් බිලියන 160ක් රටින් පිටතට ගොස් ඇතැයිද ඔහු සඳහන් කරයි.

එසේම ගතවූ සති දෙකක කාලයේදී ශ්‍රී ලංකා රජයේ සුරකුම්පත්වල අයෝජනය කර සිටි විදේශීය ආයෝජකයන් සිය මුදල් රුපියල් බිලියන 25ක් ඉවත් කරගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස