මුදල් ඇමැති නැතිව අයවැය විවාදයක් කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට…! – රනිල්…

December 7, 2021 at 3:22 pm | by emanisa.lk

අයවැය වැය ශීර්ෂ විවාදයට ගැනෙන කාල සීමාවේ දී අයවැය ඉදිරිපත්කළ  මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වුවත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ඇමතිවරයාගේ සහභාගීත්වයකින් තොරව විවාදයක් ක්‍රියාත්මක වන බව  එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී එජාප නායකයා මේ බව ප්‍රකාශ කළේය.

අයවැය විවාදයට නොසිට ඔහු ඉන්දියාවට ගියේ කුමන කාරණයක් මත ද යන්න පිළිබඳවද එහි දී රනිල් වික්‍රමසිංහ, සමෘද්ධි, ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් විමසීය.

අයවැය විවාදය පැවැත්වෙන විට පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ රාජ්‍ය ඇමතිවරයා නොව අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ සංචිත ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් නොකරන්නේ ඇයි ද යන්න පිළිබඳවත් එජාප නායකයා විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ අයවැය විවාදය අවසානයේ දී මුදල් ඇමතිතුමා විසින් සමස්ත ආර්ථිකය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සහ අවශ්‍ය සංශෝධන ලබා දීම සිදුකරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *