ඉදිරි අවුරුදු හතරෙදි රටේ සියලු පාරවල් හදනවා! -ජනපති

September 1, 2020 at 10:52 am | by emanisa.lk

රටේ සියලු මාර්ග ඉදිරි වසර 4 ක් තුළ ප‍්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ දිවයිනේ සියලු දිස්ති‍්‍රක්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බවයි.

දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්ය භාරය සහ වගකීම පිළිබඳ දැනුම්වත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

දිස්ති‍්‍රක්ක රැසක ජනතාව මුහුණදී සිටින ගැටළුවලට විසදුම් ලබාදෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සකී‍්‍රයව දායක වන්නැයි ජනාධිපතිවරයා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද සිදුකළේය.

2015 දක්වා රජය කි‍්‍රයාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ කටයුතු මේ වනවිට නතර වී තිබේ. ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කර එලෙස ඇණහිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළ යුතු බව මෙම සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්‍ෂ කියාසිිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස