කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඉදිරි මාස තුන ඇතුළත ඊට අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධීය කංසා වර්තමානයේ රෝගාබාධ සුව කිරීමට මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ද යොදා ගන්නා බව අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ය.
කංසා වගාව නීතිගත කිරීමෙන් රටේ සියලු ණය ගෙවා දමා පොහොසත් රටක් බවට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පසුගිය සමයේ දිගින් දිගට ම යෝජනා කළාය.