රට ගොඩගන්න නම් කංසා වවල රට පටවන්න ඕන…! බාර් ඇරල රාත්‍රී ආර්ථිකයක් හදන්න ඕන…! – ඩයනා ගමගේ…

April 20, 2021 at 3:50 pm | by emanisa.lk

කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කීවාය.

“රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා.

අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුළුවන් ක්‍රම බව කිව යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *