පාස්කු ප්‍රහාරය සමයේ මෙරට හමුදාපතිට ඇමරිකාවේ ඉහළ ම සම්මානය…! වෘත්තිය ගරුත්වය රකිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කළාටලු…!

November 18, 2021 at 11:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)

ශ්‍රී ලංකාවේ එම සම්මානය හිමිකරගත් පළමු පුද්ගලයා වන්නේ මහේෂ් සේනානායකය.

තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් කළ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

හමුදා නිලධාරියෙකු ලෙස දේශපාලනය කිරීමේ වරදට 2010 වසරේ හමුදාවෙන් ඉවත් කළ මහේෂ් සේනානායක නැවත හමුදාවට බඳවා ගෙන හමුදාපති ධූරයට පත්කළේ යහපාලනාණ්ඩුව මගිනි.

2019 පාස්කු ප්‍රහාරය එල්ල වූයේ මහේෂ් සේනානායක හමුදාපති ධූරයේ වැඩ කරන සමයේ ය. අනතුරුව ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස