සිරිසේන ජනාධිපති කාලේ රු.20-25ට ඩඩ්ලි ගොවීන්ගේ වී ටික ගත්තා…! අපි රු.80ට වී ගනිද්දි එයාගේ පාණ්ඩුකම්බුල ශෛලාසනේ උණුවෙලා…! – මහින්දානන්ද…

November 9, 2021 at 6:02 am | by emanisa.lk

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මේ රටේ ගොවියාගේ වී ටික රු. 20-25ට ඩඩ්ලි සිරිසේනගේ මෝලට විකිණීමට ඉඩදුන් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එකල පොළොන්නරුවේ ගොවීන් වස පානය කළ බවත් උද්ඝෝෂණය කළ ගොවීන් ළඟට මෛත්‍රීපාල සිරිසේන නොගිය බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ගොවි ජනතාව වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාණ්ඩුකම්බුල ශෛලාසනය වුණු වී ඇත්තේ නාඩු වී කිලෝවට රු. 80ක් ලැබෙන අද බවට කෘෂිකර්ම ඇමැතිවරයා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *