ගුරු විරෝධතාවට සහයට උද්ඝෝෂණ කරන්නැයි දෙමාපියන්ට බලපෑම්…!

November 2, 2021 at 6:49 pm | by emanisa.lk

ගුරු වර්ජනයට සහාය ලබා දීමේ උඋද්ඝෝෂණයක් සඳහා හෙට (03) උදෑසන පාසල් අසලට පැමිණෙන ලෙස ගුරුවරු දෙමාපියන්ට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ගුරුවරු සිය පන්තිවල සිසුන් මේ පිළිබඳ දැනුම්වත් කර ඇතැයි දැනගන්නට තිබේ.

එසේම පසුගිය සමයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා නිර්මාණය කළ whatsapp group සඳහා ද මෙම පණිවිඩ යොමුකර ඇත.

මේ පිළිබඳ දෙමාපියන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර කොවිඩ් වසංගත සමයේ සිය දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නතර කිරීම පිළිබඳ දොස් පවරා ඇත.

කෙසේ වුව ද තම දරුවන්ට පාසලේ දී ගුරුවරුන්ගෙන් බලපෑම් එල්ල වනු ඇතැයි බියෙන් දෙමාපිය පිරිසක් පාසලට ඒමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *