අහිසංක දරුවන්ගේ අනාගතය විනාශ කරන ස්ටාලින් උල තැබිය යුතුයි….!

October 18, 2021 at 12:30 pm | by emanisa.lk

ගුරු වැඩ වර්ජනය විසඳීම සඳහා රජ කාලේ දුන් දඬුවම් අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසයි.

බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, ගුරුවරුන් නොමග යවමින් අහිංසක දරු පැටවුන්ගේ අනාගතය විනාශ කිරීමට කටයුතු කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් උල තැබිය යුතු බවයි.

ගාලු මුවදොර පිටියට රැගෙනවිත් ඔහු උල තබා මෙම ප්‍රශ්නය විසඳීම වඩාත් යෝගය බව ඔහු යෝජනා කරයි.

ස්ටාලින්ගේ බොරු උගුල්වල නොවැටී 21 වෙනිදා දරුවන් වෙනුවෙන් සේවයට වාර්තා කරන ලෙස දයාබර ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *