යුගදනවි බලාගාරය ඇතුළු තවමත් නොවිසඳනු ප්‍රශ්න ගණනාවක් නිසා 40කට අධික මැති ඇමැති පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වුව ද මෙම පිරිස සජිත් ප්‍රේමදාස හෝ පාඨලී චම්පික සමග එකතු නොවන බව ද දැනගන්නට තිබේ.
වාසුදේව නානායක්කාර හැර සෙසු පක්ෂ නායක කණ්ඩායම මේ සඳහා සූදානම් වන බව ද එම පිරිස වෙන ම බලවේගයක් ගොඩනැඟීමට සූදානම් බව ද අනාවරණය වෙයි.
සිය බලවේගය සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය එකතු කර ගැනීමට ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන නැවත ඉදිරිපත් කිරීමට ද මේ පිරිස සැලසුම් කර තිබේ.
ආණ්ඩුවේ 2/3 බලය අහිමි කරන මෙම සැලසුමට එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ද හිමි බව වැඩි දුරටත් වාර්තා වෙයි.