වසර පහකට අධික කාලයක් තිස්සේ පෞද්ගලික සමාගමක් මඟින් සිදුකළ රියැදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දීමෙන් පසු ඉකුත් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි අසූවකට ආසන්න මුදලක් ඉතිරි වී ඇතැයි රජයේ විගණනවලින් තහවුරු වී තිබේ.
සාමාන්‍යයෙන් මාසයකට රියැදුරු බලපත්‍ර 50,000ක් පමණ මුද්‍රණය කරන අතර, ඒ මුද්‍රණය කරන සෑම රියැදුරු බලපත්‍රයකින්ම රුපියල් 1,571ක මුදලක් මෙකී සමාගමට ලැබෙන පරිදි කටයුතු යොදා තිබිණි.
ඒ අනුව මෙකී සමාගම එක් මාසයක් තුළ දළ වශයෙන් රුපියල් හත්කෝටි අසූපන් ලක්ෂයකට වැඩි ආදායමක් මින් උපයා ගන්නා බවත් ඒ අනුව වසරකට රුපියල් කෝටි 94කට වැඩි මුදලක් ලාභ ලෙස උපයා ගන්නා බවත් විගණනයේදී තහවුරු වී තිබිණි.
මේ අනුව මෙකී සමාගම 2009 වසරේ සිට 2020 වසර දක්වා රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමෙන් උපයාගෙන ඇති මුදල රුපියල් කෝටි 1,000කට ආසන්න බව ද තහවුරු වී තිබිණි.
රියැදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව 2009 වසරේ දී එම සමාගමට දෙනු ලැබුවේ ඉදි කර මෙහෙයුම් කටයුතු සිදු කර ආපසු බාර දීම (build-own-operate-transfer හෙවත් BOOT) අනුවය. නමුත් ගිවිසුම 2016 වසරේ අවසන් වූ පසුවත් 2020 දෙසැම්බර් මාසය දක්වාම රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව එකී සමාගමට දීමට පියවර ගෙන තිබිණි.