එලඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
“අපේ රටේ සමාගම් 3ක් බිලියන 100ක් අවුරුද්දකට පොහොර ආනයනය කරනවා. එතකොට තුන්දෙනෙකුට බිලියන 100ක් යන මුදලකට තමයි මේ ගැටුම යන්නේ.
මේ සියල්ල සංවිධානය කරන්නේ රසායනික පොහොර සමාගම්. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු වෙලා. වැඩි නායකත්වයක් තියෙන්නේ ජවිපෙන්.
ඊළඟ කන්නයේ වී කිලෝඑක රුපියල් 70 දක්වා වැඩිකරනවා රජයේ මිල. කාබනික කෘෂිකර්මාන්තය නිසා. ජනාධිපතිතුමා තීන්දු කරලා තියෙනවා.”