සුමන්දිරන් දේශපාලන පිටියෙන් කුඹුරු හෑමට…!

October 11, 2021 at 2:55 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස සාම්ප්‍රදායික ගොවිතැන්  කටයුතු වල නිරත වී ඇත.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් කුඹුරක  සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ද සිදු කළේය.

තම දෙමළ ජාතික සන්ධාන නායකත්වය සඳහා ද සුදුසු බව සුමන්දිරන් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *