කිරිපිටි සඳහා රජයෙන් ඩොලර් ලක්ෂ 11ක් ලැබෙයි…! සඳුදා සිට රටට අවශ්‍ය තරම් කිරිපිටි…!

October 7, 2021 at 6:42 pm | by emanisa.lk

කිරිපිටි තොග සඳහා ගෙවීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 11ක් රජය විසින් වානිජ බැංකු වෙත මුදාහැර ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ලබන සඳුදා සිට වරායේ දැනට රඳවා ඇති කිරිපිට තොග නිදහස් කර වෙළෙඳපොළට නිදහස් කරන බව ද ඔවුහු පවසති.

ඒ අනුව මේ වන විට රට පුරා මතුව ඇති දැඩි කිරිපිටි හිඟය අවසන් වනු ඇත.

කෙසේ වුව ද කිරිපිටි කිලෝවක මිල රු. 200කින් පමණ ඉහළ යනු ඇතැයි මෙයට පෙර වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *