ආණ්ඩුව නවසීලන්ත කිරිපිටි සමාගම් එක්ක ඩීල් දාලා සිංහල බෞද්ධයින්ගෙන් පළිගන්නවා…! – මරික්කාර්…

August 16, 2021 at 8:33 am | by emanisa.lk

ලංකාවේ කිරිපිටි ආනයන බදු ඉවත් කළේ කිරිපිටි මෙට්‍රික් ටොන් හතළිස් දහසක් වරාය ආසන්නයේ ඇති අවස්ථාවක බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් චෝදනා කරයි.

ආචාර්ය ගුණදාස අමරසේකර ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ පිළිබඳ අනාවරණය කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ අනුව ලංකා ආණ්ඩුව සහ නවසීලන්ත කිරිපිටි සමාගම අතර අභිරහස් ගනුදෙනුවක් ඇති බවත් නවසීලන්ත සමාගමට මෙලෙස බදු සහන ලබා දෙන්නේ කාගේ උවමනාවට ද යන්න සොයා බැලිය යුතු බවත් මරික්කාර් අවධාරණය කරයි.

එම ආනයනය බදු අඩු කළ පසු ද තවත් රු. 200ක මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති බවත් මේ අනුව ඉදිරියේ දී රු. 100ක මිල වැඩි කිරීමක් ද ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කරයි. මේ වන විට ආණ්ඩුව තමන් බලයට පත් කළ සිංහල බෞද්ධයින්ගෙන් පළිගනිමින් ඇති බව ද හෙතෙම කියයි.

මේ වන විට රටේ සීනි, පරිප්පු ඇතුළු සියලු භාණ්ඩවල මිල ඉහළ යන බවත් මේ මිල පාලනය කළ නොහැකි ආණ්ඩුවකින් පලක් නොමැති බවත් මරික්කාර් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *