රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පමණක් නොව රට කන මුළු ආණ්ඩුව ම සහ ජනාධිපතිවරයාත් වහා ම ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
අද රටේ යමක් ඉතිරි වී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල දී කළ කී දේ පමණක් බව කී එජාප මහ ලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එක ම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බව ද සඳහන් කළේය.
කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශ්ව දියත් කරන විරෝධතාව තවත් ජනතා රැවටීමක් පමණක් බවත් එය රජය රැකීමට රජයේ ම පිරිසක් රූගත කරන සිනමා පටයක් බවත් රංගේ බණ්ඩාර වැඩි දුරටත් කීය.