මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ද කැපී පෙනෙන අඩුවීමක් පවතී.
කොවිඩ් ආසාදිත රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලැබූ රෝහල් රැසක මේ වන විට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු සංඛ්‍යාවක් බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
සංචරණ සීමා පැනවීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ හා ජනතාව ආරක්‍ෂාකාරී අයුරින් කටයුතු කිරීම ද මෙම රෝගීන් අඩුවීමට හේතු වූ බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත රෝගීන් 600ක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 169ක් පමණ බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ අනාවරණය කරයි.