ආත්ම ගෞරවය රැකගන්න රාජ්‍ය නිලධාරීන් ඉල්ලා අස්වෙනවා…! – ඇල්ලේ හිමි…

September 16, 2021 at 12:20 pm | by emanisa.lk

තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

අද (15) කොළඹ ධර්මායතනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළහ.

“වරායේ අක්කර 13ක් දෙන්න යනවා. තවත් ආයතන 20ක් පමණ දෙන්න යනවා. මගේ පන්සල පිටිපස්සේ ඉඩමකුත් දෙන්න හදනවා. සුපිරි වෙළෙඳසැල් දෙකක් දෙන්න හදනවා.

දෙන්න ලැබෙයිද කියලා ආණ්ඩුව හිතන්න ඕනේ. වසර 05ක් පාලනය කරන්න රට භාර දුන්නේ. වෙන්දේසි කරන්න භාර දුන්නේ නැහැ. අපි බොහොම වේදනාවෙන් ඉන්නේ. තවත් ස්ථාන කිහිපයක් ගැන ප්‍රශ්න තිබෙනවා.

ජාත්‍යන්තරය සියුම් ලෙස රට තුළ කුමන්ත්‍රණ කරනවා. ආත්ම ගෞරවය රැක ගන්න නිලධාරීන් ඉවත් වෙන්නේ. තවත් අය ඉදිරියේ දී ඉවත්වෙයි. නමුත් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. අපි ගෙනාපු ආණ්ඩුව තමයි. අපි නෑ කියන්නේ නෑනේ, මම විතරද 69 ලක්ෂේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස