බීමත්කම නිසා වැඩ තහනම් වූ සේවකයෙක් ගන්න බලපෑම් කළැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඉල්ලා අස්වෙයි!

July 3, 2019 at 1:35 pm | by emanisa.lk

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (02) තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසයි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පතිට ඊයේ බාරදී ඇතැයි වාර්තා වේ.

රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරීම නිසා වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීම සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *