පුරප්පාඩු පිරවීමකින් තොරව නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ස්ථානමාරු කර ඇති බවත් එහෙයින් එම රෝහලේ සත්කාර සේවා බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.
මෙය මුළුමනින්ම අත්තනෝමතික ක්‍රියාමාර්ගක් බව කී හෙතෙම යුධ හමුදා රෝහලේ කටයුතු බිඳවැටිමේ වගකීම සම්පූර්ණයෙන්ම එම වෛද්‍යවරුන් ඉවත් කිරීමට තීන්දු තීරණ ගත් අදාළ හමුදා නිලධාරින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් භාර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි. එහි සේවයේ නියුතු සිවිල් වෛද්‍යවරුන් 38 දෙනෙකු අතරින් තිදෙනෙකු මෙලෙස මාරු කර තිබේ.
මෙසේ වෛද්‍යවරුන් පුරප්පාඩු පිරවීමකින් තොරව නිදහස් කිරීම හේතුවෙන් යුධ හමුදා රෝහලේ දැනට සේවයේ නියුතු ඉතිරි සිවිල් වෛද්‍යවරුන්ට උද්ගත වු වෛද්‍ය හිඟය නිසා සිදු වන පීඩාවන් ඇතුළු අනෙකුත් ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් 16 වැනිදා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කරන ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.