හමුදාවේ එන්නත්කරණය විවේචනය කරන රනිල් එන්නත ගත්තෙත් යුද හමුදා රෝහලින්…! – හමුදාපති…

August 9, 2021 at 2:47 pm | by emanisa.lk

ශ්‍රී ලංකා හමුදාව මෙහෙයවන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පිළිබඳ ජනතාව අතර විශාල ප්‍රසාදයක් ඇති බව යුද හමුදාපති, කොවිඩ් මර්දන කමිටු ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හමුදාවේ එන්නත්කරණය රට ම අගය කරන පසුබිමක එය විවේචනය කරන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද සිය කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේ නාරාහේන්පිට යුද හමුදා රෝහලින් බව හමුදාපතිවරයා අනාවරණය කරයි.

යුද හමුදාවේ ප්‍රධාන රෝහලට පැමිණ එන්නත ලබා ගත් රනිල් වික්‍රමසිංහ මහ ජනතාව වෙනුවෙන් හමුදාව එන්නත් ලබා දීමට එරෙහි වීම ජනතාව තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

හමුදාව විසින් සිදුකරණ එන්නත්කරණ ක්‍රියාවලිය හිටපු අගමැති එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විසින් විවේචනය කිරීම පිළිබඳ මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *