වාර්ෂිකව පිට රටට ඇදී ගිය ඩොලර් කන්දක් ඉතිරි වෙයි…! සැප්. 01 වෙනිදා සිට රටට ම අපේ සේලයින්…!

September 7, 2021 at 10:09 am | by emanisa.lk

මෙරට රෝහල්හි භාවිතය සඳහා වසරකට අවශ්‍ය සේලයින් බෝතල් එක්කෝටි අසූ ලක්ෂයක ප‍්‍රමාණය දේශීයව නිපදවීම ආරම්භ වෙයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ලේබලය යටතේ නිෂ්පාදනය කරන ලද පළමු සේලයින් තොගය එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නිල වශයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (06) බාර දුන්නේය.

මහනුවර, පල්ලේකැලේ කර්මාන්තපුරයේ කැලුන් ලයිෆ් සයන්සස් ආයතනය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග වූ ගිවිසුමට අනුව නිපදවන මෙම සේලයින් පසුගිය 01 වැනිදා සිට රාජ්‍ය අංශය වෙත සේලයින් සැපයීමට සිදුකරනු ලබයි.

මෙහි වසරකට සේලයින් බෝතල් කෝටි හතරකට අධික ප‍්‍රමාණයක් නිපදවීමට පහසුකම් ඇත. ඒ අනුව රජයේ රෝහල්වල සේලයින් අවශ්‍යතාව මෙමඟින් 100% ක් සපිරෙන අතර අතිරික්තය පෞද්ගලික අංශයට යොමු කිරීමට බලාපොරොත්තු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස