ඊයේ (18) දිනයේ දී කොවිඩ් මරණ 186ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
එය මෙරෙට දිනක සිදු වූ වැඩිම මරණ ප්‍රමාණය ලෙස වාර්තා වේ. මෙරට දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 150 ඉක්මවා ඇත්තේ අඛණ්ඩව 7 වන දිනටය.
ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 6790 දක්වා ඉහළ ගොස් ඇත.