15ක් මැරෙද්දි කොවිඩ් මරණ 101ක් වාර්තා කළ සුදත් සමරවීරට ස්ථාන මාරුවක්….!

June 19, 2021 at 7:59 am | by emanisa.lk

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

ඒ අනුව වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත්කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි දත්ත ලබා නොදෙන බවට සහ දත්ත සඟවන බවට පාර්ශ්ව ගණනාවකින් සුදත් සමරවීරට චෝදනා එල්ල විය.

පසුගිය ජුනි 11 වන දා කොවිඩ් මරණ 15ක් සිදු වුව ද 101ක් සිදු වූ බවට තොරතුරු ලබා දී රට තුළ අනවශ්‍ය භීතිකාවක් නිර්මාණය කළ බවට ද චෝදනා නැඟෙයි. ජුනි 14 වෙනිදා අවසන් කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා නැවත 21 දක්වා දීර්ඝ කළේ එම වැරදි දත්ත මත පදනම්ව බවට ජනාධිපතිවරයා ඊයේ චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *