කන්න නැතිව බේරුණත් ඔක්සිජන් නැති වුණොත් මරණය නියතයි…! ඩෙල්ටා බෝවෙන්න තප්. 05ක් ඇති…! වහාම තීන්දුවක් ගන්න…! – ආචාර්ය චන්දිම ජීවන්දර

August 12, 2021 at 10:56 am | by emanisa.lk

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබල වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

“මේ ඩෙල්ටා බලපෑම පටන්ගත්තා විතරයි. මේකේ දරුණු බව ඉදිරියට තමයි බලාපොරොත්තුවෙන්නේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුන ඉතාමත් තීරණාත්මකයි. වුහාන් ප්‍රභේදයට වඩා දෙගුණයකින් මේක පැතිරෙනවා. තප්පර 5ක අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒ කාලය ඇති අපි ආසාදිතයෙක් වෙන්න.

මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි මේකෙ පැතිරීම වළක්වන්න. අපිට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි කන්න නැතුව මැරෙනවා ද? ඔක්සිජන් නැතුව මැරෙනවා ද? කියන එක.

කන්න නැතුව මැරෙන්නේ නෑ. මොකද කන්න තියෙන මිනිහෙක් අපිට ගෙනත් දෙයි. හැබැයි ඔක්සිජන් නැති වුණොත් අපිට ජීවත්වෙන්න බෑ. අලුතෙන්ම තීරණ අරගෙන ඉදිරියට යා යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස