අවසන් දින දහයේ කොවිඩ්වලින් දෛනිකව 15ක් ජීවිතක්ෂයට…! ආසාදිතයින්ගෙන් 5%කට දැඩි සත්කාර ඒකක වෙත….!

May 12, 2021 at 9:35 am | by emanisa.lk

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 25% – 28% අතර ප්‍රමාණයකට රෝග ලක්ෂණ පෙන්වන බවත් එසේ රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන්ගෙන් 17% ක පමණ ප්‍රමාණයකට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන බැවින් ඔවුන්ට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

ඊයේ (11) පැවැති සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් තාක්ෂණ කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය විය.

කොවිඩ් රෝගීන්ගෙන් 05% කට ආසන්න ප්‍රමාණයකට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවද අනාවරණය වේ.

තාක්ෂණ කමිටු රැස්වීමේ දී දැනට භාවිත කරන නිරෝධායන ක්‍රමවේදය පිළිබඳව මෙන් ම පීසීආර් පරීක්ෂණ කඩිනම් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.

අවසන් දින 10 තුළ දී පමණක් කොවිඩ් ආසාදිතයන් 20 384 ක් හා කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 149 ක් බවද එහිදී අනාවරණය විය. එය ආසන්න වශයෙන් දිනකට මරණ 15 ක පමණ සාමාන්‍යයකි.

එක් දිනක් තුළ සිදු වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ (10) දිනයේදී වාර්තා විය. එය මරණ 26 ක් වන අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස