රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.
වැටුප් කොමිසම ප්‍රතික්ෂේප කල සුබෝධිනී යෝජනාව
ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති නායකයන් සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලා සිටින්නේ වැටුප් කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කල යෝජනාවකි. එම යෝජනාව අනුව ඉල්ලා සිටින්නේ දැනට ලැබෙන වැටුපට දළ වශයෙන් සාමාන්‍යයක් ලෙස 57%ක වැටුප් වැඩිවීමක්. එම යෝජනාව ක්‍රියාත්මක කරන්න වැය වන මුදල, වාර්ෂිකව රුපියල් කෝටි 6980ක්. රුපියල් බිලියන 69.8ක්.
එම ප්‍රතික්ෂේප කළ යෝජනාවට අනුව වැටුප් විෂමතා ඉවත් කරනවා වෙනුවට රටේ සියලු ම රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා වර්ධනය වැඩි කරන යෝජනාවක්. ගුරු සේවයේ ඉන්න පිරිස් අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න පිරිස් හා සමාන වැටුප් තලයකට ගෙන එන්න කරන යෝජනාවක්. උදාහරණයක් ලෙස ගුරුවරුන් සහ අධ්‍යාපන නිළධාරීන් එකම වැටුප් තලයක පිහිටවූ විට, අධ්‍යාපන පරිපාලන නිළධාරීන් උද්ඝෝෂණය කරනු ඇත.
රෝහල් සේවකයන්ද සෞඛ්‍ය පරිපාලන නිළධාරීන්ගේ තලයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිනු ඇත, අනෙකුත් රාජ්‍ය සේවකයන්ද එලෙස සිදු කරනු ඇත. ගුරු වැටුප් සංශෝධනය වී වැඩි විය යුතු වුවත්, එය වෙනත් වැටුප් තලයක සමාන මට්ටමේ පිහිටුවීම මුළු රාජ්‍ය සේවයම අර්බුධයට පත් කරන ක්‍රියාවක්. අනෙකුත් රාජ්‍ය සේවකයන්ද සම වැටුප් තලවල පිහිටුවීමේ අර්බුදයක් නිර්මාණය කිරීමක්.
වැටුප් කොමිසම ලබා දෙන්න එකඟ වූ යෝජනාව වූයේ රුපියල් බිලියන 9ක, කෝටි 900ක වැඩි කිරීමක්. එය මීළඟ අයවැයෙන් ලබා දෙන්නට එකඟ වූවක්. ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ බඳවාගත් සහ වැඩ කරන ශ්‍රේණිය අනුව වෙනස් වූ වැටුප් තලවල පිහිටා සිදු කරන වැටුප් වර්ධනයක්. වෘත්තීය සමිති නායකයන් මෙය නොදන්නවා නොව, ගුරු-විදුහල්පතිවරුන් පාවිච්චි කර දේශපාලනය කිරීමක්. රට, රටේ ආර්ථිකය සහ රටේ සෞඛ්‍ය අස්ථාවර කිරීමේ වැයමක්.
කංචන විජේසේකර