ගුරු වර්ජන මැද ගාල්ලේ ගුරු පිරිසක් රටට ම ආදර්ශයක් දෙති….! සම්මන්ත්‍රණ මාලාවක් රැගෙන ගමින් ගමට යති….!

July 24, 2021 at 10:04 pm | by emanisa.lk

ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක්, මෝටර් රථවල සිට අධ්‍යාපන සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ නව වැඩපිළිවෙළක් ඊයේ (23) ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණේ, වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයෙන් දින 13ක සිට පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය නතර වී ඇති පසුබිමකය.

ඒ අනුව ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක් එක්ව ඊයේ සිට අපොස සාමාන්‍ය පෙළ දරුවන් මුලික කරගනිමින් මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කර තිබේ.

අක්මීමන කදුරුදූව ප්‍රදේශයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ සියලු දරුවන් මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවල සිට සම්මන්ත්‍රණයට සහභාගීවීම විශේෂත්වයකි.

9,10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විෂය නිර්දේශ මෙමගින් ආවරණය කිරීම මෙම ගුරුවරුන්ගේ අපේක්ෂාවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *