ගුරු වර්ජනය පිටුපස දේශපාලන අරමුණු….! ගුරු නායකයින් ආණ්ඩු විරෝධී මෙහෙයුමක…! පොහොට්ටු සභාපතිනි…

July 21, 2021 at 5:15 pm | by emanisa.lk

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ යුත්තේ වසර කිහිපයක් තුළ පියවරෙන් පියවරට යැයිද ඇතැම් ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලන බව ද ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ගුරුවරුන්ගේ වගකීමක් බැවින් ඔන්ලයින් වර්ජනය අතහැර වෙනත් ක්‍රියාමාර්ග මගින් වැටුප් දිනා ගත යුතු බව ද ඇය පැවැසුවාය.

අධ්‍යාපන ඇමතිවරයා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකාවෙන් ගුරු වැටුප් විෂමතාවට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද වසන්තා හඳපාන්ගොඩ පැවසුවාය.

ඇතැම් ගුරු සංගම් නායකයන්ට ඇත්තේ දේශපාලන අරමුණු වන අතර තවත් පිරිසක් ආණ්ඩු විරෝධී අරමුණක සිටින බව ද සභාපතිවරිය පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *