රසායනික පොහොර භාවිතයට විරෝධය දක්වමින් කාබනික පොහොර ඉල්ලා පොල්පිතිගම නගර මධ්‍යයේ උද්ෂෝෂණයක් පවත්වා තිබේ.
රටේ බොහෝ ප‍්‍රදේශවල රසායණික පොහොර ඉල්ලා ගොවි ජනතාව හඩ නගන මුත් මොවුන් කාබනික පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නියැලීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට පශූ සම්පත් ගොවිපල ප‍්‍රවර්ධන කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් ද එම විරෝධතාවට එක්ව සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැඵණි.
පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් විජේනායක ඇතුළු ප‍්‍රාදේශීය සභා මංත‍්‍රිවරුන්, වයඹ පලාත් සභාවේ හිටපු අමාත්‍ය නිමල් කරුණාතිලක හා ප‍්‍රදේශයේ ගොවි සංවිධානවල නියෝජිතයන් හා තරුණ තරුණියන් ද එක්ව සිටියහ.
පොල්පිතිගම ප‍්‍රාදේශිය සභාවෙන් පෙරවරුවේදී පිටත් වු පිරිස “රසායණික පොහොර මරුවා! මහ පොළවට වින කෙරුවා! ජනපතිදුනි මේ අහන්න, අපේ වකුගඩු රැකලා දෙන්න!” ආදි සටන් පුවරු රැගත් පෝස්ටර් අතැතිව පොල්පිතිගම මුලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණය ඉදිරිපිටට පැමිණ එහි නගර මධ්‍යයේ මාවතේ රැඳී සිටි පිරිස රසායනික පොහොර භාවිතයෙන් වෙන හානිය පිළිබඳව අදහස් දැක්වීය.